Home Local News Room : නිමල් කිව්වට ගාණ අඩු වෙලා නෑ! ගුවන් ටිකට්වල මිල...

News Room : නිමල් කිව්වට ගාණ අඩු වෙලා නෑ! ගුවන් ටිකට්වල මිල ගණන් තවම එහෙමමයි!

0
0

ගුවන් ප්‍රවේශපත්‍ර මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කොට තිබුණද තවමත් කිසිදු සමාගමක් විසින් ගුවන් ප්‍රවේශපත්‍ර මිල පහත හෙළිමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කරන ආයතන කිහිපයකින්ම කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ එසේ ගුවන් ප්‍රවේශපත්‍රවල මිල අඩු කොට නොමැති බවකි.

කෙසේවෙතත් අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රවේශ පත්‍ර අලෙවි සමාගම් සමග සාකච්ඡා කර එම තීරණය ගත් බවයි.

ඒ අනුව එසේ අඩු කර ඇති ගුවන් ප්‍රවේශපත් ගාස්තුව කොපමණද, එම ප්‍රවේශපත්‍ර ලබා ගත හැක්කේ කොතැනින්ද යන්න පිළිබදව අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළ යුතුව ඇති බව අපගේ අදහසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here