හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 වසරේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මන්නාරම මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නිකුත් කළ වරෙන්තුවකට අනුවය.
හිටපු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සිය නිල රථයෙන් 2011 වසරේ මාර්තු 30 වැනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අධිචොදනා ලැබ වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට ඔහු විසින් දුරකථන ඇමතුම් ලබාදී පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් බලපෑම් කිරීම පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ අනාවරණයක් මත මෙලෙස වරෙන්තු නිකුකර තිබිණි.
හිටපු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මැදවච්චිය සිට සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයට ගමන්කරමින් සිටියදී තම ලියාපදිංචි නොකළ ජිප් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව සෙට්ටිකුලම රෝහලෙහි තාප්පයේ ගැටී රියදුරු අසුනට වම්පස සිටි සැරයන්වරයා වූ අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් ජි. උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මිය ගියේය.






