Home Local News Room : HNB ඇෂුවරන්ස්, SupremeHealth Unlimited සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි…

News Room : HNB ඇෂුවරන්ස්, SupremeHealth Unlimited සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි…

9
0

මෙරට ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සේවා සපයන්නකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම විසින් අසමසම සෞඛ්‍ය වියදම් ආවරණයක් සහිත SupremeHealth Unlimited සෞඛ්‍ය සැළසුම හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණි. මෙම සුවිශේෂ සෞඛ්‍ය රක්‍ෂණාවරණය මගින් රක්ෂිතයා, රක්ෂිතයාගේ සැමියා හෝ බිරිඳ හා දරුවන්ට අමතරව මව, පියා, නැන්දම්මා සහ මාමණ්ඩිය ද ආවරණය කරමින් ප්‍රතිලාභ රැසක් ලබා දීම විශේෂිතය. HNBA වෙතින් ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රය වෙත හඳුන්වා දුන් නවතම රක්ෂණාවරණය වන SupremeHealth Unlimited, පාරිභෝගික අවශ්‍යතා රැසක් ආවරණය කරමින්, බහුවිධ ප්‍රතිලාභ පිරිනමන අතර, එහිදී ඔවුන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවද ලබාදෙයි. එමගින් අනපේක්ෂිත අවස්ථාවලදී මතුවන සෞඛ්‍ය ගටලු නිරාකරණය කරගැනීමට සහයෝගය ලබාදෙමින් පවුලට පූර්ණ ආරක්ෂාවක් සහතික කිරීම විශේෂිතය.

HNB ඇෂුවරන්ස් SupremeHealth Unlimited සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් ලබාදෙන ඉහළ ප්‍රතිලාභ මගින් ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සහතික කරමින්, ඔවුන්ට සිය ආදරණීයයන් සමග සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව ලබාදෙයි. SupremeHealth Unlimited මගින් ලබාදෙන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා 1301 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. නැතිනම්, www.hnbassurance.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here