Home Local News Room : දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේත් විදුලිය කපයි – Lanka Truth |...

News Room : දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේත් විදුලිය කපයි – Lanka Truth | සිංහල

3
0

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කර ඇතැයි දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක හිමියෝ පවසති.

මේ අහේතුවෙන් සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බවද ඒ හිමියෝ අවධාරණය කරති.

මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකින්ම ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා විදුලිය නොමිලේ ලබා දුන් බවත් වත්මන් ආණ්ඩුව මගින් හිටි හැටියේම මෙලෙස විදුලිය කපා දැමීම් හේතුවෙන් දැඩි සේ කනස්සල්ලට පත්ව වු බවද සිරියාලංකාර නාහිමියෝ සඳහන් කරති.

අලි තර්ජන දැඩිව පවතින දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමිය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් තම ස්වාමීන් වහන්සේලා දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විශේෂ ප්‍රකාශයක් කරමින් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පවසති.

මෙම මාසය වනවිට විදුලි බල මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 05කට වැඩි විදුලි බිලක් ආරණ්‍ය සේනාසනය වෙත ලැබී තිබෙන අතර මෙරටේ ඇතැම් මැති, ඇමතිවැතිවරු, රුපියල් ලක්ෂ, කෝටි ගණන් ජල, විදුලි, බිල්පත් රජයට ගෙවීමට තිබෙන වකවානුවක දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ය ආයතනයකට මෙවැනි විදුලි විසන්දි කිරීම අසාධාරණය බවද මේ පිළිබඳ වහා අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අගමැතිවරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here