Home Local News Room : කන්න දෙන්න විදිහක් නෑ! දුප්පත් ළමයි 40,000කට අලුත් අම්මලා...

News Room : කන්න දෙන්න විදිහක් නෑ! දුප්පත් ළමයි 40,000කට අලුත් අම්මලා තාත්තලා හොයයි!

3
0

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000කට ආසන්න සංඛ්‍යාවකගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මවුපියන්ට නොහැකි වීම හේතුවෙන් එම දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක් කඩිනමින් ආරම්භ කරන බවත්, ඊට අදාළ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000ක් ඉලක්ක කරගනිමින් මෙම කැපකරු මවුපියන් සෙවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 500ක් වෙන්කර ඇති අතර ඉන්දියානු සමාගමක් සහ මෙරට පෞද්ගලික ආයතනයක් ඒ සඳහා රුපියල් බිලියනයක මුදලක් ලබාදී ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here