Home Local News Room : ශ්‍රී ලන්කන් යානයක් ගුවන්ගත වී විනාඩි පහෙන් කාර්මික දෝෂයක්...

News Room : ශ්‍රී ලන්කන් යානයක් ගුවන්ගත වී විනාඩි පහෙන් කාර්මික දෝෂයක් මතුවෙයි! යානය නැවත කටුනායකට ගොඩබායි! ඇතුළේ මගීන් 49ක් ඉඳලා!

2
0

කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන්ගතවී විනාඩි 05කට පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබා තිබෙනවා.

ඒ, ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන්.

මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු රැගෙන පියාසර කළ එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් – 321 නියෝ වර්ගයේ ගුවන් යානයක්.

නැවත කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබෑමෙන් පසු එම ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. -නෙත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here