Home Local News Room : රනිල්ගේ කතා කාට ලොකු වුනත් අපි ගණන් ගන්නේ නැහැ...

News Room : රනිල්ගේ කතා කාට ලොකු වුනත් අපි ගණන් ගන්නේ නැහැ – ටිල්වින් සිල්වා – Lanka Truth | සිංහල

9
0

රනිල් වික්‍රමසිංහගේ කතා කවුරු ලොකුවට ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මව්බිම පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව අවධාරණය කරන අතර එහිදී වැඩිදුරටත් පවසන්නේ,

“රනිලුත් හරියට කනත්ත ළඟින් රෑ යනකොට හිතේ බය නැති කරගන්න සින්දු කියන මිනිහෙක් වගේ. රනිල් කරන්නේ නිර්භීතකමේ කතා නොවෙයි, බියට පත්වීමේ කතා.

රනිල් වික්‍රමසිංහගේ කතා කවුරු ලොකුවට ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඔහුට ලැබී තිබෙන නොගැළපෙන බලයෙන් මත් වී ‍දොරටු පාලකයා රජ වුණා වගේ කරමින් තිබෙන විකාර ඇතුළේ ජනතාවට කරන තර්ජනය, මර්දනයට ලැහැස්තියි කියන කතාවට අපි කිසිසේත් ම බය නැහැ. පසුගිය කාලයේ ඇති වුණු මහජන නැගිටීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට වෛරයක් තිබෙන බව අපි දන්නවා. ඒ නැගිටීමෙන් ඔවුන්ගේ පන්තියට අභියෝගයක් සිදු වී ඇති බව අපි දන්නවා. ඒ අරගලය කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයක, පුද්ගලයන් කණ්ඩායමක තනි අරගලයක් නොවෙයි.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මීට පස්සේ අරගල කරන්න දෙන්නේ නැහැ, අරගලවලින් පාලනය වෙනස් කරන්න දෙන්නේ නැහැ, හදිසි නීතිය පාවිච්චි කරලා හමුදාව යොදා මර්දනය කරන බව යි. ජනතාව අරගල කළ යුත්තේ ඔවුන්ව පීඩාවට පත්කළ පීඩකයාගෙන් බලපත්‍ර අරගෙනද ? පීඩකයන් පලවා හැරීමට ලෝකයේ පාරට බැස්ස ජනතාව පීඩකයන්ගෙන් බලපත්‍ර ගත්තේ නැහැ. ඒ වගේම පීඩකයන් කවදාකවත් ජනතා උද්ඝෝෂණවලට බලපත්‍ර දුන්නෙත් නැහැ.

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වගේම උද්ඝෝෂණ නතර කරන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා. කුමන පදනමකින් හෝ ගෝඨාභයට ලක්ෂ 69ක් ඡන්දය දීලා, හමුදාවේ නිලධාරියෙක් වී ඉඳලා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියා. ඔහුට උදවු කරන තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවක් තිබුණා. එහෙම නම්, ජනතාව පත් නොකළ රනිල් වික්‍රමසිංහට ජනතා උද්ඝෝෂණ නතර කරන්න කිසිසේත්ම බැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here