Home Local News Room : පාස්කු ප්‍රහාරයට සැක පිට අල්ලා ඇප මත සිටි අයකු...

News Room : පාස්කු ප්‍රහාරයට සැක පිට අල්ලා ඇප මත සිටි අයකු මට්ටක්කුලියේදී කපා කොටා මරා දමයි!

6
0

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකු මට්ටකුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී එල්ලවූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here