Home Local News Room : ඉතිහාසයේ දැවැන්තම විදුලි කප්පාදුව අත ලඟ – ලංවිම ඉංජිනේරුවරු...

News Room : ඉතිහාසයේ දැවැන්තම විදුලි කප්පාදුව අත ලඟ – ලංවිම ඉංජිනේරුවරු අනතුරු අඟවති – Lanka Truth | සිංහල

4
0

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වූවහොත් 2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වනවිට විශාල විදුලි කප්පාදුවකට යෑමට සිදු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති නිහාල් වීරරත්න ප්‍රකාශ කරන්නේ මෙය ඉතිහාසයේ ප්‍රථම විශාලතම විදුලි කප්පාදුව විය හැකි බව ය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ගල්අඟුරු ප්‍රමාණය අවුරුද්ද පුරාම ගේන්න පුළුවන්කමක් නැහැ. වාරකන් කාලයක් එනවා. ඒ වාරකන් කාලය 2022 සැප්තැම්බර් 15 විතර වෙනකොට අවසන් වුණා. එදා ඉඳලා 2022 ඉතුරු කාල පර්ච්ඡේදයේත් ඒ වගේ ම, 2023 අප්‍රේල් දක්වා විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000ක නැව් 38ක් එන්න ඕන. මේ වෙන කොට නැව් 04ක් පමණයි ඇවිල්ලා තියෙන්නේ. 05වෙනි නැව එන්න ගිහිල්ලා වරායේ යම්කිසි ප්‍රශ්නයක් වෙලා මේ වෙන කොට ඒ නැව ප්‍රමාද වෙනවා.

මේ නැව් 38ම ලබා ගත්තේ නැත්නම් අප්‍රේල් මාසයේ 15 වෙනකොට අපට පැහැදිලිවම 2023 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් වෙන කොට ලොකු විදුලි කප්පාදුවකට යන්න සිද්ධ වෙනවා.

මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම විශාලතම විදුලි කප්පාදුව වෙන්න පුළුවන්. ඒකයි අපි මේකට කියන්නේ “2023 කළුවර ජූලියක්” එන්න පුළුවන් කියලා. ගල් අඟුරු ගේන්නේ නැතුව මේ රට තල්ලු කරන්න එපා ලොකු විදුලි කප්පාදුවකට. ඒ විදුලි කප්පාදුව පිරිමහන්න හදිසි මිලදී ගැනීම්වලට යන්න එපා. හදිසි විදුලි මිලදී ගැනීම්වලට යන්න ගියොත් වෙන්නේ ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයින්ට දරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම අපේ විදුලිබල මණ්ඩලයටත් පිරිවැය දරා ගන්න බැහැ.”

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here