Home Local News Room : ලංකාව, ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 06 වෙනි...

News Room : ලංකාව, ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 06 වෙනි තැනට – Lanka Truth | සිංහල

2
0

ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා කරයි.

එම දත්තවලට අනුව මෙරට ආහාර උද්දමනට 86%කි.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

එම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි. මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අටවෙනි සහ නවවෙනි ස්ථානය දිනාගෙන ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් 41%ක් සහ 40%ක් වේ.

ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය 321%කි.

එම දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලෙබනනය රාජ්‍යය වන අතර එහි ආහාර උද්ධමනය 208%කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here