ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 09ට පැමිණිලි 1100ක් ලැබී ඇති බව වාර්තා වේ.
මෙලෙස ලැබී ඇති පැමිණිලි අතර පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්රාහී ලෙස විසදුම් ලබා දීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පහරදීම්, වද හිංසා, කාන්තාවන්ට හිරිහැර කිරීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි ඇති බව පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අලුතෙන් ස්වාධීන පොලිස් කොමිසම සඳහා සභිකයන් පත් කරන තුරු දැනට පවතින කොමිසම මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකරන බවද සඳහන් වේ.
ලංකාදීප






