දොම්පෙ රැස්වීමකට සහභාගී වී සිය කතාව සිදුකරමින් සිටියදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට කොළයක ලියන ලද විශේෂ පණිවුඩයක් ලැබිණ.
එහිදී එම පණිවුඩය කියවා බැලූ විපක්ෂනායකවරයා එය ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තේය.
එහි සදහන්ව තිබුණේ රුවන්වැල්ල සමූපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගය විශිෂ්ට ජයත් අත්පත් කරගෙන ඇති බවකි.
සභිකයන් 56ක් සජබයෙන් තේරී පත්වෙද්දී අනෙක් සියලුම පක්ෂවලින් තේරී පත්ව ඇත්තේ සාමාජිකයන් 31 දෙනකු බව විපක්ෂනායකවරයා කියා සිටියේය.
එම ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ විපක්ෂනායකවරයා එළඹෙන සියලුම මැතිවරණවලින් සිය පක්ෂය විශිෂ්ට ජයක් ලබන බවද කියා සිටියේය.






