රට ගොඩ නගන, අර්බූද විසදන ජාතික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්විණ.
මෙහි ආරාධිත අමුත්තා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියේය.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීමේ ආසන හිස්ව පැවතීමය.
අවම වශයෙන් 10 දෙනකුවත් රැස්වීමට සහභාගී වී සිටියේ නැත.
නමුත් හිටපු ජනාධිපතිවරයා එය නොතකා සිය කතාව කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.






