Home Local News Room : දළදා මාළිගාවේ ලයිට් බිල ලක්ෂ 28 පනී! අනේ අපිට...

News Room : දළදා මාළිගාවේ ලයිට් බිල ලක්ෂ 28 පනී! අනේ අපිට නම් ගෙවන්න බෑ! දියවඩන නිලමේ දැනුම් දෙයි!

3
0

ශ්‍රී දළදා මාලිගාවේ ඔක්තෝබර් මස විදුලි බිල වන රුපියල් ලක්ෂ විසි අටක මුදල ගෙවීමට නොහැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

එම නිසා විදුලි බිල්පත සංශෝධනය කරන ලෙස කොමිෂන් සභා සභාපති ජනක රත්නායකගෙන් ඉල්ලා තිබේ.

විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මල්වතු -අස්ගිරි මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

විදුලි බිල අඩු කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ලංකා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර සකසන බව එහිදී සභාපපතිවරයා පොරොන්දු වී ඇත.

එහෙත් පෙර නියම කරන ලද ක්‍රමවේදයට අනුව විදුලි බිල ගණනය කර ඇති බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here