වරාය සමූපකාර බැංකුවේ නියෝජිතයන් පත්කරගැනීම සඳහා ඊයේ 23 පැවති සාමාජික ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියෙන් ඉදිරිපත් වූ අපේක්ෂයින් 77 දෙනාම තේරීපත්වී තිබේ.
එම සමූපකාර බැංකුවේ සාමාජිකයින් 8000ක් සිටින අතර බැංකුව සතු වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 460ක් පමණ වේ. ජවිපෙට අනුබද්ධ මෙම වෘත්තීය සමිතිය 2010 සිට බැංකුවේ බලය හොබවන අතර ඉදිරි වසර 3න සඳහා මෙවර තේරීපත්ව සිටින්නේ 5වන වතාවටය. එහි විශේෂත්වය වන්නේ ඉදිරිපත්වූ සාමාජිකයින් 77 දෙනාම තේරීපත්වී තිබීමය.
එම ජයග්‍රහණයෙන් පසු සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝශන් ගොරකානගේ මාධ්‍යට දැක්වූ අදහස් පහත පලකෙරේ.
“වසර 12 ක් සමූපකාර බැංකුවේ බලය අඛණ්ඩව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනු ලබන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ අපි කණ්ඩායමට ලබාදෙන බව අපි දැනගෙන හිටියා. ඒකම තමයි රටේ තත්වයත්. වරායේ සමූපකාරය වෙත වරාය සහෝදර සේවකයන් බලය දුන්නා වගේම ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී රටේ බලයද ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන බවයි පැහැදිලිව පෙනෙන්නේ.
පහුගිය අවුරුදු පහ තුළ අපේ සමූපකාර බැංකුව ලබපු ලාබෙන් රුපියල් කෝටි16ක් සාමාජිකයන්ගේ සුබසාධක ව්‍යාපෘති 7ක් වෙනුවෙන් පෙරලා සාමාජිකයින්ට බෙදා දුන්නා. ඒ ව්‍යාපෘති වලින් වට්ටම් විදියට අපිට රුපියල් කෝටි 2.5 ක් ලැබුණා. ඒ වට්ටම් මුදල කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ගන්න තිබුණා. ඒ සියලු මුදල් අපි බැංකුව තුළම ඉතුරු කළා. ජවිපෙ අපිට වැඩකරන උගන්වල තියෙන්නේ ඒ විදියට.
හැම අවුරුද්දකම පහ වසර ශිෂ්‍යයත්ව විභාගයට මුහුණ දීල ලකුණු 70ට වැඩියෙන් ගත්ත අපේ සමූපකාර බැංකුවේ හැම සාමාජිකයෙකුගේම දරුවන් ට අපිත් තවත් ශිෂ්‍යයත්ව ලබාදීමට කටයුතු කරනවා. හැම අවුරුද්දකම ලක්ෂ 100කට වැඩියෙන් අපි ඒ සදහා වැයකරනවා. විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්න සමූපකාර බැංකුවේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් පළමු අවුරුද්ද ට රුපියල් 25,000 ක මුදලකුත් දෙවෙනි අවුරුද්දේ පටන් රුපියල් 10,000 ක මුදලකුත් ලබාදෙනවා. ඒවෙනුවෙන් ලක්ෂ 40ක් විතර අවුරුද්දකට බැංකුව වියදම් කරනවා. ඊට අමතරව තවත් විවිධ සහන අපි සාමාජිකයින්ට ලබා දෙනවා.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වරාය සමූපකාර බැංකුව ට සම්බන්ධ වෙන්නෙ 2000 අවුරුද්දේ විතර. 2010 වසරේ දී තිබ්බ අපිට එරෙහිව නිලවරණයට ඉදිරිපත්වුණු එවකට ආණ්ඩුවේ බලය තිබුණු කට්ටිය අන්ත පරාජයට ලක්වුණා. එදා ඉදල අද වෙනකම් නිලවරණ හතරක් තියල තියෙනවා. හැබැයි අපිට එරෙහිව කිසිම කණ්ඩායමක් තරග කරන්න එන්නේ නැහැ. ඒ හින්දා ජන්දයක් නෑ.
මෙදා නිලවරණයේදිත් නිතරගයෙන්ම අපේ කන්ඩායම ජය ගත්තා. ඒ තමයි ජාතියේ හදවත කියන විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් ඉන්න වරාය ඇතුලේ ජවිපෙ අපිට තියෙන පිළිගැනීම. වරායේ සමූපකාරයේ අපිට බලය දුන්නේ එක පාරයි. අපි ඒක කරලා පෙන්නුවා. ඊට පස්සේ කව්රුවත් අපිව පරාජය කරන්න ආවේ නැහැ. අපි දිගටම දිනනවා. ඒ නිතරගයෙන්. ඒ වගේම අපි වරාය සමූපකාරයත් දිනවනවා. ඒ තමයි ජවිපෙ අපේ ආදර්ශය”






