ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූවන්ට මතුව රෝග ලක්ෂණ හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බවද කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂාව අවම බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක්ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
“මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත රෝගයක් පැතිර යනවා. මේක කොවිඩ් වගේම කැස්ස, හෙම්බිරිසාවෙන් පටන්ගෙන සමහරවිට ඉතා කලාතුරකින් නිව්මෝනියාව දක්වා වැඩිවෙන්න පුළුවන්. කොවිඩ් රෝගයට සාපේක්ෂව සංකූලතා ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. නමුත් එන්නේ නැහැ කියන්න බැහැ. එම නිසාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වුණ විදියටම ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මුව ආවරණ පැලඳීම හා අත් නිතර පිරිසිදු කරගැනීම වැනි ක්‍රමවේද හරහා මේ රෝගය අවම කරගන්න පුළුවන්.
මේ වගේ එකක දී ප්‍රධානම දේ තමා අන් අයට බෝවීම වළක්වා ගැනීම. මොකද වැඩි දෙනෙකුට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. උණුවතුර බීලා සාම්ප්‍රදායක දේවල් පානය කරලා විවේකයෙන් ඉන්නවා නම් අමුතු ඖෂධයක් අවශ්‍ය නැහැ. උණ නම් පැරසිටමෝල් භාවිත කරන්න පුළුවන්. උහුලගන්න බැරි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.”






