Home Local News Room : ත්‍රස්ත පනත යටතේ දවස් 90කටත් වඩා ඇතුළේ තියාගෙන සිටි...

News Room : ත්‍රස්ත පනත යටතේ දවස් 90කටත් වඩා ඇතුළේ තියාගෙන සිටි වසන්ත දෙසැම්බර් 01 වැනිදා එළියට එනවා!

3
0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මියට ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධීකරණයට දැනුම් දුන්නේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා හැරීමට මෙම නඩුව අද (23) කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්රවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here