Home Local News Room : ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂයට ගජේන්ද්‍ර කුමාර් ඡන්දයක් ඉල්ලයි! දෙමළ...

News Room : ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂයට ගජේන්ද්‍ර කුමාර් ඡන්දයක් ඉල්ලයි! දෙමළ සන්ධානය විරුද්ධව ඡන්දය දෙයි! සජබ-ශ්‍රීලනිප-ජවිපෙ සභාවෙන් ඉවත් වෙයි!

2
0

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත කරගැනීම සඳහා අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් විමසීය.

එහිදී ඊට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවිය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගය,  ජාතික ජන බලවේගය සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල මන්ත්‍රීවරු කිසිවෙක් සභාවේ නොසිටියහ.

වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් ලබාදෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත වූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here