Home Local News Room : සිරිධම්ම හිමිගෙනුයි වසන්තගෙනුයි දවස් 90ටම ප්‍රශ්න කරලා තියෙන්න පැය...

News Room : සිරිධම්ම හිමිගෙනුයි වසන්තගෙනුයි දවස් 90ටම ප්‍රශ්න කරලා තියෙන්න පැය 5ක් විතරයි! ඒ ප්‍රශ්න කරද්දීත් අපි කරපු ත්‍රස්ත ක්‍රියාව මොකද්ද කියලා අහද්දී ප්‍රශ්න කරපු අයටත් දෙන්න උත්තර තිබිලා නෑ!

2
0

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රඳවාගෙන සිටි කාලය පුරාම ප්‍රශ්න කර ඇත්තේ දින තුනකට පැය 05ක කාලයක් පමණක් බවත් ඒ සෑම අවස්ථාවක දීම තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්දැයි වසන්ත මුදලිගේ විමර්ශකයන්ගෙන් ඇසූ ප්‍රශ්නයට ඔවුන්ට පිළිතුරු තිබී නැති බවත් අද (23) ජාතික ජන බලවේගයේ නීතිඥයන් විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් දින අනූවක් තිස්සේ රඳවාගෙන සිටින්නේ දැනටමත් අත්තනගල්ල සහ කොටුව මහේස්ත්‍රාත් උසාවිවල ගොනුවී විභාග වෙමින් ඇති නඩු කීපයක් සම්බන්ධව බවය.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවාගෙන සිටින්නේ කුමක් සඳහා දැයි ඔහු ප්‍රශ්න කළේය.

නීතිඥ අකලංක උක්වත්ත එම මාධ්‍ය හමුවේදී මෙසේ පැවසුවේය.

අධිකරණවල නඩු පවරා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන්. ඒ චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන්නේ. එහෙම නම් නීතිපතිවරයා යටතේ අත්තනගල්ල සහ කොටුව උසාවිවල පවරා තිබෙන නඩුවලට මොකද වෙන්නේ නීතිපතිතුමා පොලීසියට උපදෙස් දෙනවා දින 90ක් තිස්සේ පොලිස් විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිතුමා සවිඥානක වෙන්න ඕනෑ. දින 90ක් පසුවී තිබියදී විමර්ශන අවසන් නැහැ කියන්නේ හිරිහැර කිරීම හැර වෙනත් අරමුණක් නැති බවයි. දැන් නීතිපතිතුමා මේ දෙදෙනාට ඇප නොදීමට පවතින හේතු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට සහ මේ රටේ ජනතාවට මිස කාලයෙන් කාලයට පත්වෙන ආණ්ඩුවලට නොවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here