Home Local News Room : සිඩ්නි කැසිනෝ ශාලාවක මහ රෑ ගුටි ගහගැනීම! චාමික වරද...

News Room : සිඩ්නි කැසිනෝ ශාලාවක මහ රෑ ගුටි ගහගැනීම! චාමික වරද පිළිගනී! අවුරුද්දක් ක්‍රිකට් තහනම්! ඩොලර් 5000ක දඩයකුත් ගහයි!

7
0

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.

එම තරගාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණි විභාග කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව චාමික චෝදනාවලට වැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී ඇති බවත් විධායක කමිටුව මෙම දඩුවම පැනවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරද පිළිගෙන ඇති බවය.

ඒ අනුව චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් සිදුකළහොත් අදාළ දඬුවම ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

චාමිකට එල්ල වූ චෝදනාව වූයේ සිඩ්නිහිදී කැසිනෝ ශාලාවක ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ වීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here