සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී පුවත්පතක පළ වී තිබෙන ප්‍රවෘත්තියක් නිවැරදි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
සීතා අරඹේපොළ මහත්මිය, තමන්ට වී.එයිට් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුනද ඈ විසින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර නැති බව අමාත්‍යංශය කියයි.
ඒ නමුත්, දැනට අමාත්‍යංශය සතුව පවතින වී එයිට් රථයක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියට ලබා දීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබෙන එම නිවේදනයේ සදහන් ය.






