Home Local News Room : ADB SMELoC හදිසි ප්‍රතිචාර යෝජනා ක්‍රමය හරහා සුළු හා...

News Room : ADB SMELoC හදිසි ප්‍රතිචාර යෝජනා ක්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට HNB වෙතින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම්…

2
0

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප්‍රතිචාර කාරක ප්‍රාග්ධන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5ක මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදීමට හවුල්කාර මූල්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරාගෙන ඇත.

කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සමඟින් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය දැක්වීම සහ ශක්තිමත් කිරීම මෙම ADB ණය යෝජනා ක්‍රමයේ අරමුණයි. එහිදී කෘෂිකර්මාන්තය, සංචාරක සහ අපනයන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරනු ඇත.

මෙම අරමුණ කරා ළඟාවීමට කටයුතු කිරීම සඳහා හැටන් නැෂල් බැංකුව විසින් සිය පුළුල් ශාඛා ජාලය හරහා සුදුසුකම් ලත් තෝරාගනු ලැබූ ව්‍යාපාරවලට මෙම අරමුදල් බෙදාදීමට අපේක්ෂා කරයි.

රුපියල් මිලියන 750ක වාර්ෂික පිරිවැටුමක් නොඉක්ම වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වසර තුනක ආපසු ගෙවීමේ කාලසීමාවක් සමගින් රුපියල් මිලියන 10ක උපරිම කාරක ප්‍රාග්ධන ණය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව හිමිවේ. තවද මෙම යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන සියලු ණය පහසුකම් වැටුප්, කාර්යාලීය වියදම් සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීම වැනි පුනරාවර්තණ වියදම් ඇතුළුව කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදාගැනීමට මෙමගින් අවස්ථාව හිමි වේ. එපමණක් නොව, මෙම ණය පහසුකම සඳහා HNB විසින් 11.77ක ආකර්ෂණීය වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙන අතර එය වර්තමාන වෙළෙඳපළ අනුපාතවලට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here