Home Local News Room : මැලිබන්, අනුබද්ධ ආයතන 6ක් සමග හරිතාගාර වායු විමෝචන විගණන...

News Room : මැලිබන්, අනුබද්ධ ආයතන 6ක් සමග හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිකර ගනී…

4
0

ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබාගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා දේශගුණ අරමුදල ලබාදෙන ලද හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය මැලිබන් බිස්කට් සමාගම ලබාගැනීම තවත් එක් ඉදිරි පියවරකි. මැලිබන් බිස්කට් සමාගමට අමතරව එහි අනුබද්ධ සමාගම් වන මැලිබන් මිල්ක් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, වොන්ඩර් පැක් (පුද්) සමාගම, ගෝල්ඩන් බේක් (පුද්) සමාගම සහ ලිට්ල් ලයන් ඇසෝසියේට් (පුද්) සමාගම වෙතද මෙම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිවිය.

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විගණනය කරන ලද මෙම සහතිකය මැලිබන් සමූහයට හා එහි අනුබද්ධ සියලු සමාගම්වලට අදාළ වන අතර ඒ තුළින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මාර්ගෝපදේශ සහ අවශ්‍යතාවන්ට අනුකූලව තිරසාර හා පරිසර හිතකාමී පිළිවෙත් අනුමනය කිරීමට අදාළ සමාගම් සතු කැපවීම අවධාරණය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here