Home Local News Room : පළාත් පාලන ඡන්දය නීතිපති උපදෙස්වලින් පසු – මැතිවරණ කොමිසම...

News Room : පළාත් පාලන ඡන්දය නීතිපති උපදෙස්වලින් පසු – මැතිවරණ කොමිසම – Lanka Truth | සිංහල

5
0

පළාත් පාලන සීමා නිර්ණය කමිටුව පත්කිරීම සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ නමුත් නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ මතය දැනුම් දී නොමැති බැවින් ඊට අදාළ උපදෙස් ලැබුණු වහාම මැතිවරණය සඳහා දින වකවානු ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති නමුත් මෙම සතිය තුළ නීතිපති උපදෙස් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරණ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වනවිට පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතත් ඊට අදාළ දිනවකවානු මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here