තවමත් ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත් එය ලබන වසරේ මාර්තු මාසය දක්වා කල් යනු ඇති බවත් වොෂිංටන්හි මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.
අමෙරිකානු ඩොලර් බිලියන 2 .9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් වසර 04ක් සඳහා ලබාගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කර තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණෙන ලදී.
එහි මීලඟ පියවර සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතු අතර ඒ සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ. එම සාකච්ඡා සඳහා ජපානය සහ ඉන්දියාව අවතීරණය වී සිටින අතර චීනයේ 20වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් හිමිව නොමැති බව වාර්තා වේ.
නියමිත කාලය තුළ ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීමට නොහැකි වුවහොත් මෙරට ආර්ථික සහ දේශපාලන වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මූල්‍ය විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
මූලාශ්‍ර දෙරණ






