Home Local News Room : මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය...

News Room : මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න එක ලේසි නෑ! සාකච්ඡාවලට ගිය මුදල් රාජ්‍ය ඇමැති කියයි!

4
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ගැනීම පහසු කාර්යයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සඳහා මේ වසර අවසන් වනවිට අනුමැතිය ලබාගැනීමට හැකිවනු බව තමන් විශ්වාස කරන බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඊයේ (03) පැවැති සාකච්ඡා තුළින් අත්කර ගනු ලැබූ ප්‍රගතිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඒ අද (04) මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ප්‍රතිසංස්කරණ කිහිපයක් කරලා තියෙනවා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඕනි. එය පහසු කාර්යයක් නෙමෙයි. නමුත් මේ වන විට අපි ඒ සඳහා අවශ්‍ය බොහෝ දුර ගමන් කරලා තියෙනවා. අවශ්‍ය සම්පූර්ණ කළයුතු කරණා සම්පූරණ කරලා තියෙනවා. අපි මූල්‍ය තත්ත්වය පිළිබඳ සහතිකයක් ලබා පසු ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට ඒ අනුමැතිය ලබා දීමට සූදානමික් ඉන්නවා. අපිට විශ්වාසයක් තියෙනවා මේ වසර අග වන විට අනුමැතිය ලබා ගැනීමට හැකිවෙයි කියලා”යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here