සෑම සතියක් පාසා වැඩ කරන ජනතාවගේ ඉතිරිකිරීම් රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැ¾දුම්කරවල ආයෝජනය කරන බවට තොරතුරු ලැබී ඇති.
බවත් අවුරුදු ගණනක් අමාරුවෙන් ජනතාව කළ ඉතිරි කිරීම්වලට ඉන් කණකොකා හඬන බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ‘මව්බිම’ට පැවැසීය. මෙවැනි අවදානමකට ජනතාව පත් නොකොට කල්පිරෙන සෑම බිල්පතක් සහ බැ¾දුම්කරයක්ම නැවත මූල්‍යකරණ කළ යුතු බවට සමරසිංහ මහතා අවධාරණය කළේය.
වත්මන් මහ බැංකු අධිපතිවරයා ජොබ් එක කරන්නේ කා වෙනුවෙන්දැයි ප්‍රශ්න කළ යුතු බවත් වසන්ත සමරසිංහ මහතා කීය.
වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්වරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුප් ගන්නා අය බව අමතක නොකළ යුතු බවද ඔහු පැවැසීය.
“මහ බැංකු අධිපතිවරයා ගත් තීරණ අනුව අපි අද ණය නොගෙවන රටක් බවට පත් වෙලා. අද වෙළෙඳපොළේ ඔක්කොම ණය ටික ආණ්ඩුවට දීලා. පොලී වැඩිවෙලා. ආයෝජන අඩු වෙලා. රට හිර වෙලා. මහ බැංකු අධිපති ගත් තීන්දු හරිනම් මේ වෙනකොට රට හොඳ අතට පත් වෙන්න ඕනෑ. එහෙම දෙයක් සිදුවෙලා නැහැ. විශේෂයෙන්ම අපි ගත් ණයවලින් 20%ක් කපන්න යනවා. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්වලින් 20%ක් ඉන් අපේ මිනිස්සුන්ට නැති වෙනවා.
මින් ඉදිරියට සේවක අර්ථසාධක අරමුදලේ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජයේ බැ¾දුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය නොකරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒවගේම කල්පිරෙන සෑම බිල්පතක් සහ බැ¾දුම්කරයක්ම නැවත මූල්‍යකරණ කරන ලෙසත් ඉල්ලා සිටිනවා” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත්






