Home Local News Room : බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ් – මව්බිම

News Room : බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ් – මව්බිම

3
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සිරිසුමන හිමියන් අද (නොවැ. 2) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී උන්වහන්සේ ලබන 16 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ඊයේ (නොවැ. 1) අත්අඩංගුවට ගෙන තිබිණි.

තිළිණි ප්‍රියමාලි සිදු කළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබිණි.

පෙර ලිපියජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන ගැන ගත් තීරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here