Home Local News Room : පාස්කු නඩුවෙන් රිෂාඩ් නිදහස්

News Room : පාස්කු නඩුවෙන් රිෂාඩ් නිදහස්

6
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටි රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් මත එම නඩුවෙන් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (නොවැ. 2) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරු සම්බන්ධයෙන් චෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස් මත මෙලෙස සැකකරු සියලු චෝදනාවලින් මුදා හැරීමට ය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් අප්‍රේල් මස 21 වන දා අත්අඩංගුවට ගෙන තිබිණි.

පෙර ලිපියබස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 10 දෙනෙක් රෝහලේ (PHOTOS)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here