පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් සෙවිය හැකි හොඳම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව බැසිල් රාජපක්ෂට අත් වූ ඉරණම නිසා බැසිල් රාජපක්ෂ වටා සිටි කපුටු රංචුව බරපතළ පීඩාවකට ලක්ව ඇති බවද එම පීඩනය ඉදිරි අය-වැයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය හැකි යැයිද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීය.
ඉදිරි අය _ වැය ජනතාවට බර පැටවෙන අය-වැයක් විය හැකි යැයිද අලි-පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍යයේ බලය හීන කරමින් සිටින බවද ඊට එරෙහිව විපක්ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනඟන බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීය.
අයි.එම්.එෆ්. මපට්ලා රට රැගෙන යෑමට සූදානම් වන්නේ පස් වතාවක් ආර්ථිකය බංකොලොත් වූ ආජන්ටිනාව ගිය පාරේ බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීය. මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය






