Home Local News Room : චොකලට්, බිස්කට්, කේක්, රස කැවිලි සහ සබන් ගැන අතිවිශේෂ...

News Room : චොකලට්, බිස්කට්, කේක්, රස කැවිලි සහ සබන් ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක්

4
0

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ආනයනික චුවින් ගම් ඇතුළු රස කැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් මෙම කාණ්ඩයට ඇතුළත් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වනු ලබන අවස්ථාවේදී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සටහන් කළ යුතු බව ය.

එම විධානය ඊයේ (නොවැ. 1) සිට බලපැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

පෙර ලිපියඔක්තෝබර් මාසයේ උද්ධමනයේ පහළ යෑමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here