ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (1දා) පස්වරුවේ පැවැති තරගයන් ලකුණු 20ක පහසු ජයක් වාර්තා කර ගැනීමට එංගලන්තයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟින් එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූයේ ශ්‍රී ලංකාව එහි සිවු වැනි ස්ථානයට ඇද දමමිනි.
එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 179කි. එහිදී එංගලන්තය වෙනුවෙන් නායක ජොස් බට්ලර් ලකුණු 73ක් රැස්කරගත්තේ පන්දු 7කට පමණක් මුහුණදෙමිනි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 52ක් රැස්කරගත් අතර ලියම් ලිවිංස්ටන් ලකුණු 20කට දැවී ගියේය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ලොකී ෆර්ගියුසන් කඩුලු 2ක් බිඳහෙලූ අතර ටිම් සවුති, මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝධි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
පිළිතුරු ඉනිම දියත් කළ නවසීලන්තයට පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6කට රැස්කරගත හැකි වූයේ ලකුණු 159ක් පමණි. එහිදී සටන්කාමී පිතිහරඹයක් දියත් කළ ග්ලේන් පිලිප්ස් ලකුණු 62ක් රැස්කළ අතර නායක කේන් විලියම්සන් ලකුණු 40කට දැවී ගියේය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2 බැගින් බිඳහෙළීය.
ලකුණු සාරාංශය
එංගලන්ත ඉනිම – 179/6 (20) (ජොස් බට්ලර් 73, ඇලෙක්ස් හේල්ස් 52, ලොකී ෆර්ගියුසන් 45/2)
නවසීලන්ත ඉනිම – 159/6 (20) (කේන් විලියම්සන් 40, ග්ලේන් පිලිප්ස් 40, ක්‍රිස් වෝක්ස් 33/2, සෑම් කරන් 26/2)






