ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබාගැනීමට මාර්ගය ඊයේ (1දා) සකසා ගත්තේය.
අවසන් පූර්ව වටයට යෑම සඳහා දෙපිලටම අතිශය තීරණාත්මක වූ මෙම තරගයේ පළමුවෙන්ම ලකුණු රැස්කළ ඇෆ්ගනිස්තානය කඩුලු 8කට ලැබූ ලකුණු 144ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර යෑමට අවශ්‍ය වූයේ පන්දුවාර 18.3ක් පමණි.
බි්‍රස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ලකුණු 145ක ඉලක්කයක් පසුපස හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 12කට සීමා කළ මුජීබ් ලකුණු 10ක් ලබා සිටි නිස්සංක ක්‍රීඩාගාරයට හරවා යැව්වේය.
අනතුරුව කුසල් මෙන්ඩිස්ට එකතු වූ ධනංජය ද සිල්වා ලකුණු 46 දක්වා ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන ගියද මුළු ලකුණු 46ක් වනවිට ස්විප් පහරක් ගැසීමට උත්සාහ කළ මෙන්ඩිස් ලකුණු 25කට දවාගත්
රෂීඩ් ඛාන් ශ්‍රී ලංකා පිලට තර්ජනයක් කිරීමට සැරසුණේය.
එහෙත් ඉන් අනතුරුව ධනංජය සිල්වාට එකතු වූ චරිත් අසලංක ලකුණු 100 කරා ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන ගියේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක අගනා වටිනා සබඳතාවක්ද එක්කරමිනි. රෂීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ අසලංක ලකුණු 19කට දැවී ගියද අනතුරුව ධනංජයට එක් වූ භානුක රාජපක්‍ෂ ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගියහ.
ශ්‍රී ලංකා ඉනිමේ ‘ඇණය’ බවට පත්වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ධනංජය ද සිල්වා පන්දු 42කදී හතරේ පහර 6ක් හා හයේ පහර දෙකක්ද සමඟින් නොදැවී ලකුණු 66ක් ලබාගත්තේය.
කෙසේ වෙතත් පන්දුවාර 4කදී ලකුණු 13කට කඩුලු 4ක් දවාගත් වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන්ම ලකුණු රැස්කිරීමට ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නාබි තීරණය කළේය. එම තීරණයෙහි යම් නිවැරදි බවක් පෙන්වමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් තැබීමට ගුර්බාෂ් සහ උස්මන් ගානිට හැකිවිය. ලකුණු 28ක් ලබා සිටි
ගුර්බාෂ්ගේ මැද ඉන්න ගලවා දැමීමට ළහිරු කුමාර සමත්වූයේ ඇෆ්ගනිස්තානයට පළමු වෙඩි මුරය එල්ල කරමිනි.
ඉන් අනතුරුව උස්මන් ගානිට එකතු වූ ඊබ්‍රහිම් සර්දාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සබඳතාවක් එක්කරමින් සිටියදී ගානි ලකුණු 27කට දවාගැනීමට හසරංගට හැකිවිය. අනතුරුව ඊබ්‍රහිම් සර්දාන් ලකුණු 22ක් ලබා සිටියදී කුමාර හමුවේත්, නජිබුල්ලා සර්දාන් ලකුණු 12ක් ලබා සිටියදී හසරංග හමුවේත් දැවී යන විට ඇෆ්ගනිස්තානය යම් අමාරුවක වැටුණු බවක් දිස්විය. ලකුණු 113කට කඩුලු 4ක් වූ ඇෆ්ගනිස්තාන ඉනිමට තවත් ලකුණු 14ක් පමණක් එක්වෙද්දී ගුල්බදින් නයිබ් දුවද්දී දවාගත් ශ්‍රී ලංකා පිල ඉන් අනතුරුව කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට අවස්ථාව ලබා නොදුන්නේය.
ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 144 තුළ තබාගැනීම සඳහා ප්‍රධාන දායකත්වය ලබා දුන් වනිඳු හසරංග කඩුලු 3ක් දවාගනිද්දී ලහිරු කුමාර ලකුණු 30කට කඩුලු 2ක් දවාගත්තේය.
විචිත්‍ර වීරසිංහ ඕස්ට්‍රේලියාවේ සිට..






