දැන් අනෙක් වේදිකාවල වැඩිපුරම කතා වෙන්නේ ජාතික ජන බලවේගය ගැන යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතර දිස්ත්‍රික් බණ්ඩාරගම ආසන සමුළුවේදී පැවැසීය. ඔහු මෙසේද පැවැසීය.
“මේ වෙනකොට රටේ සියලුම කෘෂි කාර්මික නිෂ්පාදන බිඳවට්ටලා. අපේ රටේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තවලට විදේශීය කෘත්‍රිම රබර් ආනයනය කරනවා. මේ නිසා දේශීය රබර් කිරි නිෂ්පාදන සැලැසුම් සහගතව කර්මාන්ත කරා යොමු කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. එළවළු වගාව වාගේම වී වගාව සම්බන්ධයෙන් තත්ත්වයත් ඒකම තමයි. සමස්තයක් හැටියට රටේම කෘෂි කර්මාන්තය බිඳවට්ටා අවසන්. අනෙක් පැත්තෙන් මේ ප්‍රදේශයේ සෞම්‍ය දේශගුණයක් තිබෙනවා.
තෙත්බිම් ආශ්‍රිත පක්‍ෂි ගහණයත් සහ වනාන්තර තිබෙන කළුතරින් සංචාරක ව්‍යාපාරයට නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. කළුතර කියන්නේ අවුරුදු දෙදහසකට වඩා ලිඛිත ඉතිහාසයක් තිබෙන බිමක්. නමුත් ඒ ගැන අවධානයක් යොමු කරලා නැහැ. සංස්කෘතික කටයුතු ඇමැති ඉන්නෙත් අල්ලපු ආසනේ. එයා සෙරෙප්පු නැතුව ඇවිද්දා කියලා රටට මොකුත් වෙන්නේ නැහැ. ආසන හදන්න පුළුවන් ඕනෑ තරම් සම්පත් තියෙනවා. ඒ සැලැස්ම ජාතික ජන බලවේගයට තිබෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව දක්ෂතාව දැනුම තිබෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපිත් එක්ක ඉන්නවා.
අපි ජාතික ජන බලවේගයේ ආසන සභා පිහිටුවන්නේ මේ වාගේ සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කර ගනිමින්, ජාතික ආර්ථිකයට ඒ ඒ ප්‍රදේශවලින් උපරිම දායකත්වයක් ලබාදී රට ගොඩනැඟීම ඉලක්ක කරගෙනයි. ඒ වෙනුවෙන් වහාම මැතිවරණයක් දිනාගත යුතුයි. එහිදී ජාතික ජන බලවේගය රටේ පාලන බලය ලබා ගැනීමෙන් සැලැසුම් සහගත ආර්ථිකයක් තුළින් රට ගොඩනැඟිය හැකියි. 1994දී අපේ අපනයන ආදායමත්, වියට්නාමයේ අපනයන ආදායමත් සමානයි. නමුත්, ඒ අයගේ දෙදහස් විසිදෙකේ අගෝස්තු මාසයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන තිස්එකක්. නමුත්, අපේ රටේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන ෙදාළහයි. මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට ජාතික ජන බලවේගයේ අපි සූදානම්.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
මහින්ද සමඟ නැඟිටිමු කියලා රට විනාශ කළ රාජපක්‍ෂලා පුංචි පුංචි රැස්වීම් තියාගෙන යනවා. මහින්ද නැඟිට්ටවලා මේ රටට වෙච්ච දේවල් හොඳටෝම ඇති. දැන් අපට ඕනෑ මහින්දලා විනාශ කරපු රට ගොඩනැඟීම වෙනුවෙන් ජනතාව නැඟිට්ටවා, ජනතාවට නායකත්වය දෙන ජනතා විශ්වාසය දිනාගත් ජාතික ජන බලවේගය රටේ බලයට පත්කර ගැනීමයි. මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ වෙන කවුරුත් නොවෙයි ජාතික ජන බලවේගයයි. ඒක අපිට විශ්වාසයි.
මැයි 09 වැනිදා මහින්ද රාජපක්‍ෂ අගමැතිකම දාලා පලාගියා. ජුනි 09 වැනිදා බැසිල් රාජපක්‍ෂට මුදල් ඇමැතිකම දාලා යන්න වුණා. ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරය දාලා පලා යන තත්ත්වයට දැවැන්ත මහජන නැඟිටීමක් ඇති වුණා. මේ නිසා පරණ ජනවරම දැන් වලංගු නැහැ. ගෝඨාභයට ලැබුණු ජනවරමෙන් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න බලයක් නැහැ. නමුත් ජනතාවට තමන් කැමැති පාලකයෙක්, තමන් කැමැති පාලනයක් පිහිටුවා ගන්න අවස්ථාව දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනතාව මන්ත්‍රිකමක්වත් නොදුන් පුද්ගලයෙක්. ඔහුගේ දේශපාලනය අවුරුදු හතළිස්පහකට පස්සේ
මන්ත්‍රිකමක්වත් නොදී නෙරපා හැරියා. ජාතික ලැයිස්තුවෙන් පත් වුණු රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්‍ෂලාගේ කුමන්ත්‍රණයෙන් ජනාධිපතිවී රට පාලනය කරනවා. ඒ අතර එයාගේ මාමා කළ ආකාරයට මැතිවරණ කල් දාන්න විවිධ කුමන්ත්‍රණ කරනවා. බෑනා හිටියාට මේක මාමාගේ කාලය නොවෙයි කියලා අපි එයාට මතක් කරනවා. ජනතාව පරණ පක්‍ෂ, පාට අත්හැරලා, එක පෙරමුණකට එක්වෙමින් ඉන්නවා. ඒ ජාතික ජන බලවේගය වටායි.
ආණ්ඩුව බදු පිට බදු ගහමින් ජනතාවට බර පැටවීම කෙළවරක් නැහැ. මාසයකට ලක්‍ෂයයකට වඩා උපයන ජනතාවට 6% පටන්ගෙන 36% දක්වා බදු ගහලා තිබෙනවා. තමන් ලබන ආදායමෙන් තුනෙන් එකකටත් වඩා බදු ගහනවා කියන්නේ සුළුපටු දෙයක් නොවෙයි. මේ නිසාම බැංකු පද්ධතියේ ඉහළ නිලධාරීන් විශ්‍රාම යන්නට සූදානම් වෙනවා. අනෙකුත් රැකියා කරන ඉහළම දැනුමක් සහ නිර්මාණශීලී හැකියාව තිබෙන අය රටත් දාලා යනවා. මේ පාලකයන් ආර්ථිකය වැට්ටුවා; නිෂ්පාදනය වැට්ටුවා; රටත් වැට්ටුවා. ජනතාවට බදු පිට බදු පටවන ගමන් අනෙක් පැත්තෙන් දරා ගන්න බැරි උද්ධමනයක් රටේ ඇති කරලා තිබෙනවා. මේ විදිහට තවදුරටත් යන්න බැහැ. මේ පාලකයෝ වට්ටපු රට තව තවත් වට්ටනවා මිස ගොඩ ගන්න සැලැස්මක් ඔවුන්ට නැහැ. නමුත් ඒ අය නම් ගොඩ යනවා.
අපේ රටේ ණයට කෑම සංස්කෘතියක් කරගෙන. ඒවගේම අපට හිතන්න බැරි තරම් මහජන ධනය හොරකම් කරලා. මුළු රටේම සල්ලි හතර පස් දෙනකු ළඟ. ඊයේ පෙරේදා හෙළිදරවු වුණු ප්‍රියමාලි සල්ලි කොල්ලකාපු හැටි ගැන පොඩි ආතල් කතාවක් තිබෙනවා. රටේම සල්ලි කොල්ලකෑව කළු සල්ලිකාරයන්ට ප්‍රියමාලි වැඩේ දුන්නා. සල්ලි අහිමි වුණු අය පැමිණිලි කරන්න පොලිසියට යන්නේ නැහැ. පැමිණිලි කළොත් ඒ සල්ලි උපයා ගත් ආකාරය හෙළි කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් තව ඕනෑ තරම් සල්ලි නාස්ති කරන්න ඒ ගොල්ලන්ට තියෙනවා.
මේ අතරේ අභයාරාම පන්සලේ හාමුදුරුවොත් කොළඹ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරියක් එක්ක කරපු ගනුදෙනු ටිකක් එළියට ඇවිත් තිබෙනවා. හාමුදුරුවන්ගේ ‘වී එයිට්’ වාහනය පොහොට්ටු මන්ත්‍රිවරිය විකුණාගෙනලු. ’වී එයිට්’ කියන්නේ දැන් තිබෙන වටිනාම වාහන වර්ගයක්. හාමුදුරුවන්ගේ චෝදනාවට උත්තර හැටියට මන්ත්‍රිවරිය කියනවා එයාගෙන් ලක්‍ෂ පන්සියයක් හාමුදුරුවන්ගේ කීමට ව්‍යාපාරයකට දීලා ඒක එයාට අහිමි වුණාලු. ලක්‍ෂ පන්සියයක් අහිමි වෙලත්, ඒ මන්ත්‍රිවරිය කිසි ගානක් නැතිව ඉන්නවා. නාගරික මන්ත්‍රි වැටුපෙන් ලක්‍ෂ පන්සියයක් ඉතිරි කරන්නේ කොහොමද? නාගරික මන්ත්‍රිවරියකට ලක්‍ෂ පන්සියයක් ඔය විදිහට අත්අරින්න තියෙනවා නම්, රාජපක්‍ෂලා ළඟ කොහොම ඇතිද?
ජාතික ජන බලවේගයේ අපේ පාලනයක් යටතේ ආර්ථිකය ගොඩනඟමින්, රටේ සමස්ත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදී යන ආකාරයට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. අපට අපේ ආණ්ඩුවක් හදන්න ඕනෑ නම් ජනතාව ළඟට එන්න ඕන නෑ. පාර්ලිමේන්තුවේ අනාථ වුණු කණ්ඩායම් එක්ක එකතුවෙලා අපේ ආණ්ඩුවක් හදාගෙන ඇමැතිකමුත් ගන්න පුළුවන්. නමුත් අපිට ඕනෑ ජනතාවගේ ආණ්ඩුවක් හදන්න. ඒ නිසා රටත් ජනතාවත් දිනවන වැඩපිළිවෙළකට සියලු දෙනාම එකතු වෙමු කියලා අපි ආරාධනා කරනවා. තවදුරටත් ඒ පක්ෂ බදාගෙන ඉන්න එපා. එන්න විවෘත ජාතික ජන බලවේගය වටා එකතු වෙමු. අපි කවුරුත් එකතුවී ලංකා ඉතිහාසය අලුතින් ලියමු. ඒ ගමනට එකතු වෙන්න, ධෛර්යය දෙන්න රටේම ජනතාව සූදානම්. මේක ඔබේත්, අපේත් කාලයයි. අපි ඡන්දයක් දිනාගෙන, අප කාටත් යහපත් අනාගතයක් තිබෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනඟන සටනට අපි කවුරුත් එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
බණ්ඩාරගම ආසනය තුළ ජාතික ජන බලවේගයේ සමුළුව පවත්වන අවස්ථාවේ අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මේ දේශපාලන පක්‍ෂ දෙකේම ඉන්න නායකයන් විශාල කාලයක් උත්සාහ කළේ මහා ව්‍යාපෘති හ¾දුන්වාදී වැඩියෙන් ඩොලර් ණය ගැනීම පිළිබඳවයි. අධිවේගී මාර්ග, සම්මන්ත්‍රණ ශාලා, ජාත්‍යන්තර ක්‍රිකට් පිටි, මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ නෙලුම් කුලුන වාගේ ව්‍යාපෘති හ¾දුන්වා දුන්නේ විදේශ ණය ලබා ගැනීම වෙනුවෙන්. ඇත්තටම ඒ ණය පසුකාලීනව ගත්තේ ඊට පෙර ගත් විදේශ ණය වාරික සහ පොලී ගෙවීමට. ඒ ගැන අපේ මුල්ම අවධානය යොමු කරන්න ඕනෑ. ගත්ත ණයවලින් කොමිස් ගැසීමත්, වංචා, දූෂණවලින් තම තමන් පොහොසත් වීමත් ඊළඟ කාරණයයි.
ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව බලයට පත් වුණු වහාම ගජමිතුරන්ට විශාල බදු කපාහැරීම් සිදුකළ ආකාරය අපි දැක්කා. සෑම මැතිවරණයකදීම ජනතාවට මුදල් බෙදීමත්, ඒ ගොල්ලන්ගේ අනෙක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් යෙදවීමත් සිදු කළේ ඒ ගජමිතුරන්. ගජමිතුරන් වෙනුවෙන් බදු කපාහැරියේ ඒ නිසයි. අනෙක් අපරාධය තම තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. තවදුරටත් බලයේ රැෙ¾දන්න මේ වාගේ ක්‍රියාමාර්ගවලින් රටම අනතුරේ හෙළීම තීරණාත්මකව නතර කළ යුතුයි.
අනුරාධා හේරත්






