Home Local News Room : මන්ත්‍රි රක්ෂණ මුදල වැඩි කරන යෝජනාව කිරීමට කථානායකට පුළුවන්

News Room : මන්ත්‍රි රක්ෂණ මුදල වැඩි කරන යෝජනාව කිරීමට කථානායකට පුළුවන්

3
0

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල 500%කින් වැඩි කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට කථානායකවරයාට හැකියාව පවතින බව. සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල ‘මව්බිම’ට පැවැසීය. මේ සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ බහුතරයක් ආණ්ඩු පක්ෂයේ

බවත් විපක්ෂයට එහි කිසිදු බලයක් නොමැති බවත් හෙතෙම කීය. එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරු විරෝධය දැක්වූ අවස්ථාවක කාරක සභාවේ බහුතරයකින් අදාළ කාර්ය සම්මත කර ගැනීමට අවස්ථාවක් හිමිව තිබෙන බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට අවශ්‍ය කාරණා සම්මත කර ගැනීමට හා ඒ සඳහා පියවර ගැනීමට සම්පූර්ණ අවස්ථාව හිමිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

පෙර ලිපියතාත්තාගෙන් පුතාට ඇසිඩ් ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here