Home Local News Room : තාත්තාගෙන් පුතාට ඇසිඩ් ප්‍රහාරයක්

News Room : තාත්තාගෙන් පුතාට ඇසිඩ් ප්‍රහාරයක්

4
0

අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් බටදූව පාර කොබෙයිතුඩුව පදිංචි පුද්ගලයෙකු ඊයේ (ඔක්. 31) පස්වරුවේ තම පුතාට එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයක් මුණුපුරාට ද වැදීම නිසා දෙදෙනා ම බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන අන්දමට පුතා සමග ඇති වූ මුදල් ආරවුලක් මත පියා විසින් පුතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති බව ත් එය දේවානන්ද විදුහලේ ඉගෙනුම ලබන මුණුපුරාට ද වැදීම නිසා දෙදෙනා ම බලපිටිය රෝහලේ 1 වාට්ටුවට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ ආර්.ඩී. මලික් දිල්ෂාන් ද සිල්වා (34) හා වයස 13ක් වූ පාසල් සිසුවෙකි.

මේ වන විට සැකකරු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව වාර්තා වේ.

පෙර ලිපියහික්කඩුවේ මරා ගැනිල්ල නොනවතී

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here