ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ විසිහය වැනි ගුණ සමරුව අද (01දා) ට යෙදී තිබේ.
හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසු 1973 වසරේදී ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්විය. ඒ වනවිට ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හොබවමින් සිටියේය.
1977 වසරේ පැවැති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලැබූ හෙතෙම ලංකාවේ හයවැනි අගමැතිවරයා බවට පත්ව ඒ වන විට පැවැති ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කර 1978 පෙබරවාරි 04 වැනි දින සිට පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයා ලෙස ජයවර්ධන මහතා කටයුතු කළේය.
අනතුරුව මෙරට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළ හෙතෙම 1988 වර්ෂය දක්වා රට පාලනය කර එම වසරේදී දේශපාලනයෙන් සදහටම සමුගත්තේය.
ජේ. ආර්. ජයවර්ධන තමා සතු බොහෝ පෞද්ගලික දේපළ රට වෙනුවෙන් පරිත්‍යාග කොට වසර හතක නිදහස් විශ්‍රාමික ජීවිතයක් ගත කරමින් සිටියදී 1996 නොවැම්බර් 01 වැනි දින ජීවිතයෙන් සමුගත්තේය.
අමිත් මධුරංග ගමගේ






