හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ.
mawbima.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ බව තහවුරු කළේ ය.
සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා විය.
අද (ඔක්. 31) උදෑසන 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.






