පිලිපීනයට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් මේ වන විට අවම වශයෙන් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධය සඳහන් කළේ, පුද්ගලයින් 63 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 69 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
මෙම මරණවලින් වැඩි ගණනක් වාර්තා වී ඇත්තේ, දකුණු පිලිපීනයේ බංසමෝරෝ කලාපයෙනි.
එම කලාපයේ මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් වන අතර අතුරුදන් වූ පුද්ගලයින් ගණන 22ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ඇති වූ ආපදා තත්ත්වයෙන් මිය ගිය අයට සිය ශෝකය ප්‍රකාශ කර ඇත.






