Home Local News Room : රේගුවේ ඇස් වසා මුතුහෙට්ටිගම ගෙන්වූ සුපිරි රියක් ගාල්ලේදී අත්අඩංගුවට

News Room : රේගුවේ ඇස් වසා මුතුහෙට්ටිගම ගෙන්වූ සුපිරි රියක් ගාල්ලේදී අත්අඩංගුවට

3
0

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍ය පදවිය දරන අවධියේදී තීරුබදු රහිතව ආනයනය කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගෙන එය පදවාගෙන පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අවස්ථාවේදී ජීප් රථය පදවමින් සිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මීට වසර කිහිපයකට ඉහතදී වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පදවිය දරන අවධියේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය තීරුබදු රහිතව පිටමං කර තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි සඳහන් වේ.

ජීප් රථය භාරයට ගන්නා අවස්ථාවේදී එහි ලියාපදිංචි අංකය ලෙස ප්‍රදර්ශනය කර තිබුණේ මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බව ද පොලිසිය කියයි. පරාජිත දේශපාලකයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු ආරක්‍ෂාවට යෙදුවේ කෙසේ ද හා තවත් මේ ආකාරයෙන් වාහන පිටමං කර ඇද්දැයි සොයා පුළුල් ලෙස විමර්ශන කරන බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන සංජීව (91287), ප්‍රියන්ත (94019), හේමන්ත (10083), රත්නායක (98261) සහ මංජුල (80172) වැටලීම සිදුකර ඇත.

පෙර ලිපියපාර්ලිමේන්තු බසයට යට වී සැරයන් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here