Home Local News Room : යාල සිද්ධියට භාර වූ දුලිත අමරවීරට ඇප

News Room : යාල සිද්ධියට භාර වූ දුලිත අමරවීරට ඇප

0
0

යාල වනෝද්‍යානය තුළ වන සතුන්ට හානි වන පරිදි ජීප් රථ 35කින් නීතිවිරෝධී ලෙස ගමන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ඥාති පුතකු වන දුලිත අමරවීර (29දා) සවස යාල වනජීවී කාර්යාල වෙත භාරවූ බව උෟව සහ දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.

එදිනම එම සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කළ අතර යාල උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ සවිකර ඇති සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම ජීප් රථ 35 සමඟ පැමිණි පිරිසට මෙම සැකකරු විසින් මුදල් ගෙවා ටිකට්පත් ලබා ගන්නා ආකාරය සටහන්ව ඇති බව වනජීවී නිලධාරීන් විසින් උසාවියට කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බලා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහෙස්ත්‍රාත් තරි¾දු සමීර සිල්වා කටයුතු කළේය.

මේ පිළිබඳව වනජීවී සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මීට ඉහතදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළ මෙම සැකකරු අමාත්‍යවරයා සම්බන්ධව කටයුතු කරන ලද සියලු තනතුරුවලින්  ඉවත් කර තිබූ බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් නවදෙනා ප්‍රශ්න කිරීම් සඳහා උසාවියෙන් අවසර ලබාගත් බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් යාල උද්‍යාන භාර මානෝජ් විදාරත්නගෙන් කළ විමසීමකදී සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළේය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී  

පෙර ලිපියබිත්තර එක එක රසට එක එක විධියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here