Home Local News Room : දරිද්‍රතා පීඩනය පුපුරා ගියොත් බරපතළ පලවිපාක ඒවි

News Room : දරිද්‍රතා පීඩනය පුපුරා ගියොත් බරපතළ පලවිපාක ඒවි

3
0

ජනතාව අත්විඳින දරිද්‍රතා හා පොදු ගැටලු පිළිබඳ පීඩනය පුපුරා එළියට ආවොත් මහජන නියෝජිතයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද බරපතළ පලවිපාකවලට මුහුණ පෑමට සිදුවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (29දා) පැවැති ආහාර සුරක්ෂිතභාව හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සහභාගි වූ රාජ්‍ය අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය. මෙහිදී තවදුරටත් ඒ මහතා මෙසේද කීය.  අද බොහෝ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී මහජන නියෝජිතයන් හා එක්ව කටයුතු කිරීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

බිම් මටිටමේ මහජන නියෝජිතයා කියන්නේ ජනතා පරමාධිපත්‍යයේ නියෝජනයයි. වසර 74ක් තිස්සේ එක්ව කටයුතු නොකොට විවිධාකාරයේ බෙදීම් අනුව කටයුතු කිරීම නිසයි අපට මේ දක්වා රටක්, ජාතියක් වශයෙන් නැඟිටින්න බැරි වුණේ. සාමූහිකව එකමුතු වෙලා එකාවන්ව කටයුතු කිරීමට බැරිනම් එහෙම අය ඉල්ලා අස්වීම තමයි හොඳම දේ. මට ඒ ආකාරයෙන් එකට කටයුතු කරන්න බැරි නම් ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා පැත්තකට වෙලා ඉන්නවා.

රාජ්‍ය නිලධාරීන්ට කරන්න තියෙන්නෙත් ඒකම තමයි. මට මේ හැමෝටම කියන්න අවශ්‍ය කරුණක් තියෙනවා. අපි බිම් මට්ටමට, ජනතාව අතරට ගියොත් බලන්න පුළුවන් මහජන නියෝජිතයන්ට වගේම රාජ්‍ය නිලධාරීන්ටත් මේ රටේ ජනතාව පතුරු යන්න පට්ට විදිහට බනිනව. මේ ජනතා පීඩනය පුපුරලා ගිහින් මගේ ගේත් ඇතුළුව දේශපාලනඥයන්ගේ ගෙවල් 74ක් පමණක්  ගිනි තියලා නිවිලා රාජ්‍ය නිලධාරීන්ගේ ගෙවල් ටික බේරුන එක ගැන සතුටුවිය යුතුයි.

මහනුවර – කේ. එල්. සුරවීර  

පෙර ලිපිය“ජනාධිපතිවරයාට පක්ෂයක් ලෙස පූර්ණ සහයෝගය දෙනවා” – නාමල් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here