Home Local News Room : තව මාස දෙකකින් මේ ආණ්ඩුවත් ඉවරයි

News Room : තව මාස දෙකකින් මේ ආණ්ඩුවත් ඉවරයි

1
0

2020 අගෝස්තු මාසෙන් පස්සේ මේ රටේ  ආණ්ඩු කිහිපයක් හැදුණා. ආණ්ඩු පහක් හැදිලා තියෙනවා. මේ යන්නේ පස්වැනි ආණ්ඩුව. නිසැක වශයෙන්ම මේ ඉදිරි මාස දෙක තුළ හයවැනි ආණ්ඩුව බිහිවීම නවත්තන්න සක්කරයටවත් බැහැ යැයි. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ පවසයි. මාතරදී ඊයේ (30දා) ජනහමුවක් අමතමින් වීරසුමන වීරසිංහ මහතා මේ බව කීය.

එහිදී ඔහු මෙසේ ද කීය. නොවැම්බර් මස 14 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා අලුත් අය-වැයක් ජනාධිපතිවරයා ගේනවා.

හැබැයි නිසැක වශයෙන් කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අය-වැයෙන් කිසිලෙසක මිනිසුන්ට සහනයක් දෙන කිසිවක් එහි නැතැයි කියන එක සඳහන් කරන්න පුළුවන්.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ බදු ප්‍රතිපත්තිය මිනිසුන්ට දරාගන්න බැරි ආකාරයකින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරලා ඉවරයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ හරියට කිතුල් මල පොල් මල තළලා ඒකෙන් පැණි ගන්නා කෙනෙක් වගේ තමයි. ජනතාව තළා පෙළා බදු අය කරනවා.

ඒක නිසා ඒ අය-වැයෙන් නැවතත් විදුලි බිල සියයට තිහක් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. IMF එකේ ඉල්ලීම පරිදි තව තවත් බදු ඉහළ දාන්න මේ වනවිට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

අද මේ රටේ බදු ප්‍රතිපත්තිය ගැසට් මඟින් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. ඒත් මීළඟ අය-වැයේදී එයත් ඉක්මවන්න කටයුතු කරන්න සූදානමින් සිටිනවා. මේවා මහ බැංකුවේ සහ ධ්ර්ජ් එකේ  ඉල්ලීම් තව තවත් ඉහළ දාන කටයුතු කරන්න සූදානම් කියන කාරණාව පේන්න තියෙනවා.

ඒ කාරණා එහෙම සිද්ධ වුණොත් මේ රටේ මිනිසුන්ට දරාගන්න බැරි බදු බරක් තමයි ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඒ බදු බර තවත් දෙගුණයකින් වැඩි වෙනවා කියන්නේ බදු සංකල්පයක් සියල්ල විනාශ කරලා ක්‍රියාත්මක වෙන මහා දැවැන්ත විනාශයකට තමයි රට තල්ලු කරන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ෆේල්ද පාස්ද කියන අවසාන පරීක්ෂණය බවට පත්වෙනවා නොවැම්බර් මස 14 වැනිදා. ඒ අය-වැයේදී අපි බලාගෙන ඉන්නවා ඔහු ඉදිරිපත් කරන කරුණු කාරණා සහ ඔහුගේ යෝජනා අනුව ඔහුගේ දේශපාලන ගමනත් මේ ආණ්ඩුවේ දේශපාලන ගමනත් තීන්දු වන දවස බවට පත්වෙනවා.

මාතර – උදය කුමාර රණවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here