Home Local News Room : කොල්ල කල්ලියක්  ලුහුබැඳ ඇල්ලූ පානදුර දකුණ පොලිස් රයිඩර්ස්ලට සම්මාන

News Room : කොල්ල කල්ලියක්  ලුහුබැඳ ඇල්ලූ පානදුර දකුණ පොලිස් රයිඩර්ස්ලට සම්මාන

1
0

පානදුර දෙස සිට කළුතර දෙසට තියුණු කඩු 6ක්, මුහුණු ආවරණ සහ ජැකට් රැගෙන පලාගිය මෝටර් රථයක් කිලෝමීටර් 5ක් ලුහුබැඳ අහසට වෙඩිතබා සැකකරුවන්. අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය ඇගයීමේ වැඩසටහනක් පසුගියදා (28දා) පානදුර දකුණ  පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

සී. විදානගම (72755) සහ සුබෝධ (103484) යන කොස්තාපල්වරුන් දෙදෙනා මනුෂ්‍ය ඝාතනයක් වැළැක්වීම සඳහා කළ සේවය ඇගයීම මෙහිදී සිදු කළ අතර පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා විසින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක්ද ඔවුන් වෙත පිරිනමන ලදී.

පොතුපිටිය – සුමිත් රණවක   

පෙර ලිපියබිත්තර එක එක රසට එක එක විධියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here