Home Local News Room : කාලෙකට පස්සේ එයා ආයෙමත් ඇවිත් 

News Room : කාලෙකට පස්සේ එයා ආයෙමත් ඇවිත් 

1
0

වයස් භේදයක් නැතුවම අපි හැමෝම ආදරය කරන සිනමා ක්ෂේත්‍රයක් තමයි හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය කියන්නේ. ළමා වියේදී අප නැරඹූ ඉංග්‍රීසි ළමා චිත්‍රපටවල සිටි කුඩා රංගන ශිල්පීන්ව අපි හරිම ආසාවෙන් වැලඳ ගත්තත් තරුණ වියේදී නොසිතූ ලෙස ඒ බොහෝ ළමා තරු රිදී තිරයෙන් සැඟවී ගිහින් තිබෙනවා. “ඩැකෝටා ෆෙැනින්” (Dakota Fanning) කියන්නෙත් ළමා වියේදී අපිව පිනවපු තාරකාවක්.

නමුත් ඇය බොහෝ කාලයක් රිදී තිරයේ දක්නට ලැබුණේ නැහැ. I Am Sam, Man of Fire වගේ චිත්‍රපට නැරඹුවා නම් ඔබට ෆැනින්ව අමතක වෙන්නම බැහැ. ඉතින් අප අද කතා කරන්නේ රිදී තිරයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්ව පසුකාලීනව එක්වරම සැඟව ගිය ෆැනින් ගැන බොහෝ දෙනා නොදන්න තොරතුරු කිහිපයක් ගැනයි. ෆැනින් උපත ලබා ඇත්තේ 1994 පෙබරවාරි 23 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ කොන්යර්ස් ප්‍රදේශයේ. පසුකාලීනව ඇයව  Kodie, Kota, D.F.Blondie, Blue Eyes වැනි සුරතල් නාමයන් ගණනාවකින්ම හ¾දුන්වනු ලැබුවත් ෆැනින්ගේ මුල් නම වුණේ “Hannah Dakota Fanning” යන්නයි.

හෙදර් ජෝයි (Heather Joy) නම් වූ ෆැනින්ගේ පියා ඇමරිකාවේ හිටපු ළාබාලතම බේස්බෝල් ක්‍රීඩකයකු වන අතර ෆැනින්ගේ මව වූ ස්ටීවන් ජේ. ෆැනින් (Steven J.Fanning) වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් වුණා. ඇමරිකානු ජාතික තරුණියක් වන ෆැනින්ට එල් ෆැනින්  (Elle Fanning) නම් වූ සහෝදරියක්ද සිටින බවයි සඳහන් වෙන්නේ.

ෆැනින් ඇගේ රංගන හැදෑරීම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ ඇයට වයස අවුරුදු 05 ක් තරම් වූ කුඩා අවධියේදී. ඇගේ රංගන පාසල වුණේ ජෝර්ජියාවේ වුඩ්ස්ටොක්හි ටවුන් ලේක් කලා මධ්‍යස්ථානයයි. මෙම හැදෑරීම් ඔස්සේ රංගන ජීවිතය ආරම්භ කරන ෆැනින් ඇගේ පළමු වෘත්තීය රංගන භූමිකාවට ප්‍රවේශ වී ඇත්තේ 1999 වසරේ දිගුකාලීන NBC රෝහල් නාට්‍යයක් වූ “ER” නම් වූ නිර්මාණයේ පෙනී සිටිමිනි.

2001 වසරේ “ Am Sam” නාට්‍යයටද දායක වූ ෆැනින් ඇයට වයස අවුරුදු 07 ක් පමණ වනවිට රසිකයන් අතර ජනප්‍රිය ළමා තරුවක් වීමට සමත් වුණා. කුඩා වියේදීම ඇය දැක්වූ රංගන ප්‍රතිභාවත්, ඇගේ මෙම අසීමිත ජනප්‍රියත්වයත්  සුවිශේෂී සම්මානයක් වූ  “ Screen Actors Guild Award” සඳහා ද නිර්දේශ වුණා. මෙතෙක් නිර්දේශිත ළාබාලතම ශිල්පියා වීමේ වරමද ඇයට හිමිකර දී තිබෙනවා.

2000 දශකයේ මුල් භාගයේ දී ෆැනින් වඩාත්ම ජනප්‍රිය ළමා නිළියක වූ අතර  එකල ඉහළ රසික ආකර්ෂණයක් සමඟ  විකාශය වූ

‘Uptown Girls’ (2003) ‘Man Of Fire’ (2004), ‘Hide And Seek’ (2005), ‘War of The Worlds’ (2005) සහ ‘Charlotte’s Web’ වැනි නිර්මාණවල ප්‍රධාන චරිතය නිරූපණය කළා. සිය වෘත්තීය ජීවිතය ආරම්භයේදීම Sean Pann, Roert De Niro, Denzel Washington, Tom Cruise” වැනි හොලිවුඩයේ දැවැන්ත තරු සමඟ රංගනයේ නිරත වූ ඇගේ චිත්‍රපට එකතුවට තවත් බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් ඇතුළත් සේම  ටෙලිවිෂන් කතාමාලා  රාශියක් ද ඇතුළත් වී තිබෙනවා.

ඒ අතර “Brimstone (2016), American Pastoral (2016) , One Upon a Time in Hollywood (2019) ආදී චිත්‍රපටද විශේෂයි. 2006 දී “Hounddog” චිත්‍රපටය තුළින් දූෂණයට ලක්වන තරුණියකගේ චරිතයක් නිරූපණය කළ ෆැනින්ගේ රංගනය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූවත්, එම නිර්මාණය දැඩි මතභේදයන්ට ලක්වීම හේතුවෙන් සෘණාත්මක  ප්‍රතිචාර දැක්වීම්වලටද ඇයට මුහුණ දීමට සිදුවුණු බව සඳහන් වෙනවා.  එලෙස මතභේදයන් රැසකට තුඩු දුන්නද  ඇගේ ප්‍රශස්ත කුසලතාවන් අගයමින්  එම වසරේදීම ඇයව “චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමිය” මඟින්  ළාබාලතම සාමාජිකයා ලෙස ද නම් කර තිබුණා.

සම්මාන සහ ඇගයීම්

ෆැනින් කියන්නේ කුඩා වයසකදීම තම හැකියාවෙන් ලෝකයක් දිනාගත් සම්මානීය රංගන ශිල්පිනියක්. ඇය 2002 වසරේදී වයස අවුරුදු 10ට අඩු කාණ්ඩය යටතේ විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම කුසලතාවන්ට හිමි සම්මානයත්, ලාස් වෙගාස් සිනමා විචාරක සංගමය මඟින් පැවැත්වූ සිනමා සම්මාන උළෙලේදී හොඳම යොවුන් නිළිය ලෙසත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ වගේම 2006 වසරේදී ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ඇකඩමිය  මඟින් සංවිධානය කළ “Saturn” සම්මාන උළෙලේදීත්, “Critics Choice” සම්මාන උළෙලේදීත් ඇය වසරේ හොඳම යොවුන් නිළිය ලෙසද තේරී පත්වුණා.

2007 වසරේ  ජනප්‍රියතම කාන්තා රංගන තරුව ලෙස ෆැනින්ව ඇමරිකානු “Kids Choice Awards” හී දී නම් කරනු ලැබුවා. 2009 දී “Alliance of Women Film Journalist” ආයතනය විසින් සංවිධානය කළ චිත්‍රපට ඇගයුම් උළෙලකදී ඇයව හොඳම කාන්තා සජිවීකරණ ශිල්පිනිය ලෙස තෝරා පත් කළ අතර ඇයට එම ජයග්‍රහණය හිමි වූයේ “කැරොලීන් ජෝන්ස්” වෙනුවෙනි.

එමෙන්ම 2008 වසරේදී Hollywood සම්මාන උළෙලේදී වසරේ හොඳම සමූහ රංගනයට හිමි සම්මාන දිනාගැනීමට ෆැනින්ට භාග්‍ය උදාවිය. මේ ආදී වශයෙන් ඇය මේ වන විට සම්මාන 17 ක් පමණ දිනාගෙන තිබෙන අතර තවත් සම්මාන 37 සඳහා නිර්දේශ වී තිබෙනවා.

අධ්‍යාපනය

රංගනය හැදෑරීමට අමතරව ෆැනින් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද විශේෂ  අවධානයක් යොමුකළ බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඇය මූලික අධ්‍යාපනය  සම්පූර්ණ කොට ඇත්තේ නිව්යෝර්ක්හි පිහිටි Campbell High School , California Gallatina Gallatin school of Individualized study යන පාසල්වලිනි. චිත්‍රපට රූගත කිරීම් අතරතුර වුවත් තම අධ්‍යාපන කටයුතු මනාව සිදු කරගෙන යාමට සමත් වූ ෆැනින් 2011 දී කැලිෆෝනියාවේ උතුරු හොලිවුඩයේ පිහිටි කැම්බල් උසස් පාසලෙන් උපාධියක්ද ලබාගෙන තිබෙනවා. ඉන් නොනැවතී  අඛණ්ඩව තම අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව  දැක්වූ ඇය නිව්යෝක් විශ්වවිද්‍යාලයේ “තනි පුද්ගල අධ්‍යනය” පිළිබඳ තවත් උපාධියක්  හැදෑරීමට සමත් වුණා.

පෙම් සබඳතා

බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් සේම ෆැනින් ද ඇගේ පෞද්ගලික ජීවිතය, ආදර සබඳතා පෞද්ගලිකව තබා ගැනීමට කැමැත්තක් දක්වන කෙනෙක්. “Calebs Couples” හි සඳහන් වන්නේ නම්  ඇය ‘Logan Markley’ (2016-2017) , Freddie Highmore (2009) , Cameron Bright (2009-2012) ආදී පුද්ගලයන් සමඟ පෙම් සබඳතා කිහිපයක් පවත්වා තිබෙන බවයි. මේ වන විට ෆැනින්ගේ වයස  අවුරුදු 28ක් පමණ වෙනවා. නමුත් 2017 දී ඇය පෙමින් බැ¾දුණ හෙන්රි ෆ්‍රයි (Henry Frye) නම් පුද්ගලයා අවුරුදු 90ක පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

1932 අගෝස්තු මස 01 දින උතුරු කැරොලිනාවේ උපත ලබා ඇති හෙන්රි ෆ්‍රයි වෘත්තීයෙන් නීතීඥවරයෙක්. ඔහු සිංහ ලග්නයේ උපන් පුද්ගලයකු වන අතර ෆැනින් මීන ලග්න හිමිකාරියක්. හෙන්රි හා ෆැනින් අවස්ථා කීපයකදීම ඔවුනොවුන්ගේ මවුපියන් හමුවී තිබෙන බවට පැවසෙනවා. ඉඳහිට ඔවුන් දෙදෙනාගේ ඡායාරූප ෆැනින්ගේ Instagram ගිණුම්වල පළවුණත් ටිකෙක් ටික ෆැනින්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් හෙන්රි පෙනී සිටින අවස්ථා අවම වී තිබෙනවා.

මේ හේතුවෙන් රසිකයන් ඔවුන්ගේ සබඳතාවය අවසන් වී ඇතැයි සිතුවත් 2022 වසරේ මුල් භාගයේදීද ඔවුන්ගේ සම්බන්ධය නිරුපද්‍රිතව තිබුණ බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් තවමත් ෆැනින් විවාහ දිවියට ඇතුළු වී හෝ ඒ පිළිබඳව ඉඟියක් හෝ ලබා දී නම් නැහැ. දිගු නිහැ¾ඩියාවකින් පසු නැවතත් රිදී තිරයට පෑයූ මේ තාරකාවිය තම බාලකාලයේදීසේම තරුණ වියේදීත් සිය දක්ෂතා තුළින් ප්‍රේක්ෂකයන් තමන් වෙතට ආකර්ෂණය කර ගනු ඇති බව නම් පැහැදිලියි.

නදීරා හ¾දුගල

The post කාලෙකට පස්සේ එයා ආයෙමත් ඇවිත්  appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here