විවිධත්වයෙන් යුතු ආහාරපාන රස බලන්න අපි කවුරුත් කැමැතියි. විශේෂයෙන්ම කාන්තා ඔබ ඔබගේ ආදරණීයන්ට රස ගුණ පිරි ඇස පිනවන ආකාරයේ ආහාර වේලක් ලබාදීමට නිතරම වෙහෙසෙන බව අප දන්නවා. අද her අතිරේකය තුළින් අප ඔබ වෙත ගෙන එන්නේ පෝෂණීය බවින් මෙන්ම රසයෙනුත් ඉහළ ආහාර වර්ග කිහිපයකි. මේ ආහාරවේල ඔබත් ඔබගේ ආදරණීයන් සමඟ රස බලන්න අමතක කරන්න එපා. නෙලුම් අල මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
-නෙලුම් අල 600ඨ
-බැද ගැනීම සඳහා අවශ්‍ය
පමණට තෙල්
-රතු ලූනු ගෙඩි කිහිපයක්
-අමුමිරිස් කරල් කිහිපයක්
-සූදුරු තේ හැඳි භාගයක්
-අඹරාගත් අබ ස්වල්පයක්
-කෑලි මිරිස් කුඩු තේ හැඳි 2ක්
-ගම්මිරිස් කුඩු ස්වල්පයක්
-කහ කුඩු ස්වල්පයක්
-සීනි මේස හැඳි 1ක්
-විනාකිරි මේස හැඳි 3ක්
-කරඳමුංගු 2ක්
-කරාබුනැටි 2ක්
සාදන ආකාරය
නෙලුම් අල හොඳින් පිරිසුදු කර පොතු හැර ගන්න.
දැන් මේවා රවුමට පෙති කපාගන්න.
මෙය හොඳින් සෝදා ගන්න.
සෝදාගත් නෙලුම් අල පෙති kitchen towel හෝ පිරිසුදු රෙදි කැබැල්ලක් එකක් මත දමා විනාඩි කිහිපයක් වතුර උරා ගැනීමට හරින්න.
මෙය බඳුනකට තෙල් ස්වල්පයක් දමා හොඳින් බැදගන්න.
රතු ලූනු සහ අමුමිරිස් හා කරපිංචා බැදගන්න.
බැදගත් සියල්ල තෙල් බේරීම සඳහා බ¾දුනට දමා පසෙකින් තබන්න. බඳුනක් ළිප තබා සූදුරු ටික දමා යන්තම් බැදගන්න. එය ඉවතට ගෙන ටිකක් කුඩුකර කුඩු සාදාගන්න.
කරඳමුංගු, කරාබුනැටි හොඳින් තළාගන්න.
දැන් අඹරා ගත් අබ, විනාකිරි එකතු කර ගන්න, එයටම කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරන්න.
පිරිසුදු බඳුනකට තෙල් ටිකක් දමා රත් වී එන විට හදාගත් විනාකිරි තුනපහ එයට දමා වතුර ස්වල්පයක් එකතු කරන්න.
තළාගත් කරාබුනැටි, කරඳමුංගු දමා හොඳින් හැඳිගාමින් මඳ ගින්නේ විනාඩි කිහිපයක් පිසගන්න.
දැන් එයට සීනි සහ රස අනුව ලුණු එකතු කර බැදගත් සියල්ලම කලවම් කරන්න.
සකසාගත් සූදුරු කුඩු ටික එකතු කරන්න.
මෙය හොඳින් හැඳි ගා ළිපෙන් බාගන්න.
ඉතාම රසවත් සහ සුවඳවත් නෙලුම් අල මෝජුව සූදානම්. බෝතලයකට අසුරා ශීතකරණයේ තබා කල් තබාගෙන කෑමට ගත හැකිය.
බිත්තර ඩෙවල්
අවශ්‍ය දේ
-බිත්තර 6ක්
-කැරට් අලයක්
-තරමක් ලොකු ලූනු ගෙඩියක්,
මාළු මිරිස් කරල් තුනක්, කෑලි
මිරිස් මේස හැඳි 1ක්
-තක්කාලි සෝස් මේස හැඳි 4ක්
-වතුර මේස හැඳි 4ක්
-රස අනුව ලුණු
-විනාකිරි තේ හැඳි 2ක්
-තෙල් ස්වල්පයක්
-සුදුලූනු බික් 2-3ක්
-ඉඟුරු කැබැල්ලක්
(මේ සඳහා ඉඟුරු සුදුලූනු
පේස්ට් ටිකද පාවිච්චියට ගත
හැකියි).
-සීනි තේ හැඳි 2ක්
සාදන ක්‍රමය
මුලින්ම බිත්තර හොඳින් තම්බා ගන්න.
තම්බාගත් බිත්තර කැඩෙන් නැතිව හොඳින් කටු ඉවත් කර පිරිසුදු කරගන්න.
දැන් සර්වියට් පෙපර් එකක් ආධාරයෙන් බිත්තරවල තෙත ගතිය ඉවත් කර ගන්න.
කැරට් අලය සුද්ද කොට තරමක් ලොකු කෑලි කපාගන්න.
ලූනු ගෙඩිය හොඳින් පිරිසුදු කර කැබලි කපා ගන්න.
මාළු මිරිස්ද ඒ ආකාරයට තරමක් ලොකු කැබලි කපාගන්න.
සුදුලූනු බික් 3 සහ ඉඟුරු කෑල්ල හොඳින් පිරිසුදු කර හීනියට අඹරා ගන්න. මේ වෙනුවට පේස්ට් එකද භාවිත කළ හැකියි.
බ¾දුනක් ගෙන තෙල් දමා තම්බාගත් බිත්තර ටික රන්වන් පාට වන තුරු මඳ ගින්නේ බැදගන්න.
නැවත පිරිසුදු බඳුනක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා එයට සකසා ගත් සුදුලූනු සහ ඉඟුරු මිශ්‍රණය දමා තරමක් බැදෙන්නට හරින්න. දැන් එයට තක්කාලි සෝස් මේස හැඳි 4ක් දමා ගන්න. එයටම වතුර මේස හැඳි 4ක් එකතු කර සීනි සහ ලූණු, විනාකිරි එකතු කරගන්න.
දැන් මෙය හොඳින් බොයිල් වෙන්ට තබා ගින්දර අඩු කර ගන්න.
එයට කපාගත් කැරට්, ලූනු සහ කපාගත් මාළුමිරිස් කැබලි එකතු කරගන්න.
දැන් එයට බැදගත් බිත්තර එකතු කර හොඳින් මිශ්‍රණය කලවම් කරගන්න.
නැවතත් ලුණු සහ සීනි ඔබේ රස අනුව ඇත්දැයි බලන්න.
රසවත් බිත්තර ඩෙවල් එකක් දැන් සූදානම්.
රෝස කැකුළු හාල් මිශ්‍ර
කොළ කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
-වැල්පෙනෙල, පොල් පලා,
හාතාවාරිය කොළ අවශ්‍ය
ප්‍රමාණයට ගන්න.
-රෝස කැකුළු හාල් 100ඨ
-ගා ගත් පොල් පළුවක පොල්
-සුදුලූනු බික් 2-3ක්
-රස අනුව ලුණු
-අවශ්‍ය පමණ වතුර
-කිතුල් හකුරු
සාදා ගන්නා ආකාරය
පළමුව මේ කොළ වර්ග සියල්ලක්ම හොඳින් තෝරා පිරිසුදු කර සෝදා ගන්න. සියල්ල කුඩාවට කැබලි කපා ගන්න.
හාල් සෝදා අවශ්‍ය පමණ වතුර දමා සුදුලූනු එකතු කර හොඳින් තම්බාගන්න.
එය තැම්බෙන තුරු කපාගත් කොළවලට පොල් මිශ්‍රකොට වතුර ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
මෙය හොඳින් පෙරා යුෂ ගන්න.
දෙපාරක් පමණ බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න.
දැන් හොඳින් තැම්බුණු බත්වලට බ්ලෙන්ඩ් කරගත් කොළවල යුෂ එකතු කර හොඳින් කලවම් කරන්න. මෙය ඉක්මනින් ළිපෙන් ඉවතට ගෙන අවශ්‍ය පමණ ලුණු එකතු කර උණුවෙන්ම කිතුල් හකුරු කෑල්ලක් සමඟ රසවිඳින්න.
දිනූෂා මනෝරි නිශ්ශංක
ජාත්‍යන්තර
සහතිකපත්රලාභී
ප්‍රවීණ සූපවේදිනී
ශානි සිල්වා (ඉතාලි)
The post කටට රසට කන්න ආස අයට කෑම ජාති 3ක් appeared first on මව්බිම.