බොරැල්ල, වෝඩ් පෙදෙස ප්‍රදේශයේ මුද්‍රණාල 2ක් පවත්වා ගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (ඔක්. 29) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව ය.
මෙම මුද්‍රණාල තුළ ව්‍යාජ ලෙස සකස් කළ උප්පැන්න සහතික, ග්‍රාම සේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ලේඛන, ව්‍යාජ රබර් මුද්‍රා 73ක්, රියැදුරු බලපත්‍ර 2ක් සහ පරිගණක 4ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 47 හා 64 වියේ පසුවන කොළඹ 7 ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (ඔක්. 30) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් බෙරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.