Home Local News Room : දකුණු කොරියාවේ හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් 146 දෙනෙක්...

News Room : දකුණු කොරියාවේ හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් 146 දෙනෙක් මරුට

0
0

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 146 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ය.

ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මරණ සංඛ්‍යාව තවදුරට ත් ඉහළ යා හැකි බව ය.

හැලොවීන් සැමරීම සඳහා අතිවිශාල ජනකායක් සෝල් අගනුවර ජනප්‍රිය රාත්‍රී ප්‍රදේශයකට රැස්ව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

තෙරපීම ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දුන්නේ, කොවිඩ්-19 වසංගතයෙන් පසුව දකුණු කොරියාවේ මුහුණු ආවරණ රහිතව එළිමහනේ පැවති පළමු හැලෝවීන් උත්සවය මෙය බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here