කඩුගන්නාව, ඉස්කෝලවත්ත ප්රදේශයේ ඊයේ (ඔක්. 29) සවස් කාලයේදී තෙමහල් නිවසක දෙවන මහලෙන් වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මරණකරු වයස අවුරුදු 51ක් වූ ඉස්කෝලවත්ත, ගම්පොළ පාර, කඩුගන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා නිවසේ දෙවන මහලේ ගමන් කරමින් සිටියදී එම මහලෙන් වැටී නිවසේ බිත්තියට සහ තාප්පයට සිර වී ඇත.
මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (ඔක්. 30) දින පැවත්වීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






