Home Local News Room : තෙල් පිරිපහදුව අමෙරිකාවට! – මව්බිම

News Room : තෙල් පිරිපහදුව අමෙරිකාවට! – මව්බිම

0
0

ඛනිජ තෙල් පිරිපහදුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකානු සමාගමකට බදු දීමට රජය එකඟතාව පළ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡා 3ක් පවත්වා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අමෙරිකාවේ ‘එකෝ එනර්ජි කෝපරේෂන්’ සමාගම මෙසේ ඛනිජ තෙල් පිරිපහදුව බදු ගැනීමට සූදානමින් සිටින බව ත් ඒ සඳහා රජයේ එකඟතාව ද පළ වී ඇති බව ත් පැවසේ.

මේ අතර, විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජනයට උනන්දු වන සමාගම් කිහිපයක් ද ඒ පිළිබඳව රජයට දන්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here